මගේ උපන් දිනේ…!

Posted: 2011 අප්‍රේල් 23 in මගේ කතා

සෑහෙන දවසකට පස්සෙ ඔන්න මමත් මගේ බ්ලොග් අඩවියට ගොඩ උනා. ගොඩ උනෙත් එසෙ මෙසේ දවසක නෙවෙයි. මගෙ උපන් දිනේ දවසෙ…..! ඉතින් මේක කියවන අය ඔක්කොම මට කොමෙන්ට් කොරන්ට කලින් මමම විශ් කොරගත්ත ඔං! හැමදාමත් මම මාවම කර කරගන්න එකෙ මම හිතුව අද ටිකක් වෙනස් වෙලා මගේ උපන් දිනේ ගත වෙච්ච හැටි ගැන ලියන්නම් කියල.

අපෙ අය්ය විභාගෙට පාඩම් කරන්ට පේස් බුකියට යන්ට කොම්පීටරේ පැහැරගත්තා… ඒ මදිවට ආපු ගමන්ම කව්ද මන්ද ගෑනු ලමයෙක් පේස් බුකියෙන් හායි කිව්ව. ඉතින් මේක ලියල වෙලා යයි හොඳේ? මොකක්ද මම කිය කිය හිටියෙ? ආ… උපන් දිනේ!

අද උදේ පාන්දරම නැගිටිද්දි මගෙ ඇඳ ලඟ සැන්ට් බෝතලයක් තියල තිබ්බ. බැලින්නං අපෙ අය්යගෙන් ලැබිච්ච තෑග්ග. මට සැන්ට් බෝතල් දෙන්නෙ මොකෝ මං ගඳයිද? (අර කෙල්ල යන්ට ගියා. දැන් ඉතින් ලියන්නම්කො!!! ) මම ඉතින් අය්යගෙන් ඕක අහන්ට ගියෙ නෑ. උපන් දිනේ දවසෙ කන පලාගන්ට ඔනෙ නෑනෙ.ඉතින් උදේම අපේ ගෙදර උදවියගෙ විස් එක හම්බුනා.

අද උදේ අපෙ ඉස්කොලෙ අපෙ වයසෙ ළමයි සහ දෙමවුපියො ගෙන්නල මොකක්දො විකාරයක් තිබ්බ. අපි උ.පෙ කරන්ට ඔනෙ විදිහ ගැන කියන්ට. ඉතින් මම ඕකටනම් ගියේ ටිකක් බයෙන්. මොකද අපෙ කොල්ලො ඔය වගේ තැන් වලදි කොච්චර හොඳට අහගෙන ඉන්නවද කියනවනම් වැඩි දෙනෙක් ඉතින් පේස් බුකියෙ තමා. ඉතින් ඔහොම වෙලාවක මාට්ටු උනොත් එහෙම ඉතින් කට කනේ, කන ෆ්‍රිජ් එකේ තමා. උපන් දිනේට එක දඩයක්.. හංගගෙන හිටියට තව දඩයක්( හංගගෙන හිටියට කිව්වෙ උපන් දිනේ!)

කොහොමින් කොහොම හරි ඉතින් මම ඉස්කෝලෙටත් ගියා කියමුකො. හැමෝම ඉතින් පුරුදු විදිහට කතාව ෆෝන් එකෙන් තමා අහගෙන ඉන්නෙ. එක එක වැඩ. හැබැයි වැඩේ ඉවර වෙලා ගෙවල්වලට යනකංම කාටවත්ම මාට්ටු උනේ නෑ. මට පිටිපස්සෙම කුක්කු පැටිය උපන් දින ගැන කතා කරනව. මාත් ඒකට සෙට් වෙලා හිටියා. ඒත් මොකෙක්වත් දන්නෙ නෑ!

ඔන්න ඉතින් හවස තිබ්බ මට පන්තියක්. ඕක ඔක්කොටෝම වඩා අනාරක්ෂිතයි. මොකද ඒක හෝල් ක්ලාස් එකක්. මමත් ගියා සැලෙන්නෙ නැතුව. ලොකු ආබාධයක් නෑ. හැබැයි මට ඉස්සර හිටපු අපෙ සෙට් එකේ ඩබල ෆෝන් එක එලියට ගද්දිත් මට හීන් දාඩිය දානවා. කොහොම හරි ඔතන ඉන්නකොට මට ඇස්.ඇම්,ඇස් එකක් ආව. අපෙ අක්ක කෙනෙක් විස් කොරල එවල තියෙන්නෙ. මගෙ කරුමෙට වගේ එහා පැත්තෙ හිටපු එකා ඕක දැක්ක. ලොකු ආභාධයක් නෑ. ඊලඟ සතියෙ මොනව හරි අරන් දෙන්නං කියල සේප් උනා. ඊට පස්සෙ ඒ මිනිහ උගෙ ෆෝන් එකෙ මෙමො එකක් දාගන්ට ගිහින් ඊට එහා පැත්තෙ හිටපු එකාටත් මාට්ටු. හැබැයි ඌ ඔව්ව තැන තැන කිය කිය යන එකෙක් නෙවෙයි. ඒ නිසා අවුලක් න.

ඔන්න ඔහොම තමා මගේ උපන් දිනේ ගෙවුනෙ. මේක ආපහු මමම කියවල බැලුව. මම බය වෙච්ච සේප් වෙච්ච එව්ව විතරයි වගේ වෙලා තියෙන්නෙ. අනේ මංදා…. මම කස්ටියගෙන් හැංගිලා හිටියෙ මගේ ආර්ථිකේ මේ දවස්වල එච්චර හොඳ නැති නිසා. ඉතින් දැන් මම පේස් බුකියෙ ලැබිල තිබිච්ච විස් එහෙමත් බැලුව. මම කාලයක් පැණි හලපු කෙනෙක් වගේම දැන් මගේ සිහින කුමරියගෙ අක්කත් විස් කොරල( අක්කනං නෙවෙයි සිහින කුමරිය… සිහින කුමරිය පේස් බුකියෙ නෑ. ඉතින් අක්ක විස් කොරපු එක මදැයි ) ඒ නිසා සමස්තයක් වසයෙන් බැලුවම හොඳ උපන් දිනයක්!

ප්‍රතිචාර
  1. ඔව් යකෝ මම දැනන් හිටියෙ නෑ නෙ….. ‍තෝ ආයේ අහුවෙයන් කො…… පර්ස් එක හින්දලාම තමා ගෙදර යවන්නෙ !
    කොහොම වුනත් ආයෙත් ඔන්න කිව්වා හැප්පි හැප්පි බර්ත් ඩේ !

  2. පසිඳු පවසයි:

    ඔව්වද ඉතින් මිනිස්සුන්ට වෙන්නෙ!
    ආයෙ ඉතින් ඊලඟ අවුරුද්දෙනෙ!

  3. කැටියා පවසයි:

    අපේ අප්පා…අපේ පසිදු මලයට සුබ උපන් දිනයක්.

  4. බීටා පවසයි:

    සුභ උපන් දිනයක් වෙවා……………!
    අඩේ බොලා මට නිකමටවත් කිවුවේ නෑ නෙව තොට සිහින කුමාරිකාවක් ඉන්නවා කියලා සිස්

  5. පසිඳු පවසයි:

    එව්ව එහෙම තැන් තැන්වල කිය කිය යන්නෙ නෑනෙ!!!

  6. නවම් පවසයි:

    මං උඹව දන්නෙත් නෑ උඹ මාව දන්නෙත් නෑ. ඒත් ඕනෙ මගුලක්. සුභ උපන්දිනයක් [කේක් එපා බං – දියවැඩියාව]

  7. පසිඳු පවසයි:

    මාත් එක්ක එකට ඉන්න එවුන්ටවත් කේක් දුන්නෙ නැති මම අය්යට කේක් දෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න