දොස්තර නෝන

Posted: 2011 ජූනි 8 in මගේ කතා

බ්ලොග් එක පැත්තට ආවෙත් සෑහෙන කාලෙකට පස්සෙ. නිකං නෙවෙයි, වැඩ ගොඩායි. කමක් නෑ. මම කාලෙකට පස්සෙ ආව හින්ඳ ලියන්ට වෙන්නෙත් ටිකක් කල් පැනපු කතාවක්. ඒ වෙසක් කාලෙ වෙච්ච සිද්දියක්

මම ඉතින් ඔය අනිත් උදවිය වගේ නෙවෙයි හොඳ කොල්ල නිසා ගෙදර උදවියත් එක්ක තමා වෙසක් බලන්ටත් යන්නෙ. මේ පාරත් ඔන්න අපේ පවුලේ උදවියත් එක්ක නෑයො සෙට් එකකුත් එකතු උනා. ඒ නිසා අපි ගියෙ වාහන දෙකක.( කතාව කියන වේගෙ වැඩිද මන්ද? ඒත් ඉතින් මට වෙලාව මදි හිමීට ලියන්ට) ඉතින් මම හිටිය වාහනෙ එලෙව්වෙ( ඒ කියන්නෙ රිය පැදවව්වෙ) අපෙ ලොකු තාත්ත. ඊට එහා පැත්තෙ සීට් එකේ අපෙ අය්යණ්ඩි. පිටිපස්සෙ මමයි ලොකු අම්මයි, ලොකු අම්මගෙ දුවයි හිටියෙ. ඉතින් අපි ඔන්න ඔහොම අපේ අප්පොච්චි එලවන වාහනේට පිටිපස්සෙන් අපේ ගමන ගියා.

ඔන්න අපි රට වටේම ගිහිල්ල ගෙදර යන්ට ඕනෙ කියල හිතද්දි ඩිටියෙ පේරාදෙණිය කැම්පස් එක අසබඩ. එහෙම හිතුවට මොකෝ යන එකනම් ලේසි නෑ. හෙනටම බ්ලොක් එක( ඒ කිව්වෙ රථවාහන තදබදේ) ඉතින අපිත් බ්ලොක් එකේ තාවර වෙවී හිටියා.

අපි ඉතින් ඔහොම ඉන්න අතරෙ පාරෙ අපිට එහා ලයින් එකේ කලු පාට චූටි කාර් එකක් හෙන තදියමකින් හෝන් ගහනව. මේ මොන කං කරච්චලයක්ද කියල මම පොඩ්ඩක් ඔලුව දාල බැලුව, බලද්දි ඉස්සරහම ගහල් තියෙනව දොස්තර පාස් එකක්. මාත් ඉතින් හිතෙන් බැන බැන හිටිය දොස්තර උනාට කිසි අක්මාවක් නෑනෙ කියල. ඔය අතරෙ පාරෙ අපේ ලිනෙ එක ටිකක් ක්ලියර් උනා. ඉතින් අපි හිමීට හිමීට ඉස්සරහට යද්දි අර කාර් එකත් රින්ගල අපෙ වාහනේ ලඟටම ආව. ඇවිත් වීදුරුව ඇරිය. ඇතුලෙ හිටියෙ අවුරුදු 25ක විතර කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට දොස්තර නෝන කෙනෙක්. එයා ඉස්සරහ සීට් එකේ හිටපු අපෙ අය්යට කියනවා,

“එක්ස්කියුස් මී, මම පේරාදෙනිය හොස්පිට්ල් එකට යන්නෙ. 7.50ට ඉන්න ඕනෙ. මට පොඩ්ඩක් ඔය ලයින් එකට වාහනේ දාන්න දෙනවද?” 

අපි ඉතින් බෑ කියන්ටයැ.. ඒත් වැඩේ කියන්නෙ වාහනේ එලවපු ලොකු තාත්ත ඇහුනේ නෑ වගෙ ඉන්නව. ඊට පස්සෙ අපෙ අයියා ආපහු ලොකු තාත්තට කියල ඉඩ දුන්න. ඊට පස්සෙ දොස්තර නෝන ගියා. එතකොට ලොකු තාත්ත අහනව ” මොකක්ද අර කෙල්ල කිව්වෙ?” කියල. අපි කිව්ව මොනවද කිව්වෙ කියල. එතකොට ලොකු තාත්ත කියන්ව

“ආ… මට ඕක ඇහුනෙ නානෙ. මට ඇහිච්ච හැටියට මම හිතුව මේ අපෙ ලොකු පුතාට ලයින් දාන්ට අහන්ව කියල. ඉතින් මැද්දට පනින එක හරි නැති හින්දයි ඇහුනෙ නෑ වගේ හිටියෙ” 

Advertisements

ලොකු ළමයි!

Posted: 2011 මැයි 14 in මගේ කතා

හප්පේ…………. සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න මාත් මගෙ බ්ලොග් අඩවිය පැත්තට ආව. මේ දවස්වල අපි ඔක්කොම ලොකු ළමයි වෙච්ච නිසා තමා මෙහෙ එන්ට බැරි උනේ ( තේරුනාද මන්දා…. මම කිව්වෙ උසස් පෙළ පන්තිවලට ගියපු එක ගැන.) ඉතින් කියන්ට දෙයක් මතක් වෙන්නෙ නැති නිසා අපි ඒක ගැනවත් ලියමුකො!

මාත් ඉතින් අපෙ සංසදේ අනිත් උදවිය වගේම සා.පෙ කොරල ගෙඩර ඉඳං කාලෙ කකා ඉන්න එකට විකල්පයක් වසයෙන් තමා ඔය බ්ලොග් පාරාදීසියට ගොඩබැස්සෙ. කතා කරල වැඩක් නෑ මට අන්තර්ජාලයේ ලස්සන සින්හලෙන් දකින්ට බ්ලොග් ලිවිල්ල ගොඩක් උදව් කරා. කොහොමින් කොහොම හරි අපේ මාස 4ක වසන්ත කාලය ගෙවිල ගිහින් දැන් ආපහු ඉස්කෝලෙ යනව. මේ සතියෙ තමා පටන් ගත්තෙ

මමත් ඉතින් සා.පෙ හොඳට ගොඩ දාගැනීමේ විපාක විදිහට ඔන්න දැන් බීට, කුක්කු පැටියා, ලක, සුධීර වගේ උදවියත් එක්ක සමගියෙන් ගණිත අංසෙට පය තිබ්බ. ඔක්කොම එකම පංතියෙ නොවුනට ඉතින් හැමෝම ජීවිතේ ලස්සන කාලෙ ලස්සනට ගෙවන්ට පුහුණු වෙලා ඇවිත් කියලයි මට හිතුනෙ. මුල් දවස් කීපයේදි මම සමස්ත පාසලේම පොදු බයිට් එක බවට පත් උනත් මම තාමත් ඉන්නෙ ඉස්කෝලෙ යන්ට ලැබිච්ච එක ගැන සතුටින්.

මම නිවාඩු කාලෙනම් නිතරම නොවුනත් පුලු පුලුවන් හැම වෙලාවෙම පෝස්ට් එකක් දැම්ම.හැබැයි ඉතින් අපේ ගෙදර නීති රීති අනුව ඉදිරි කාලෙදි පෝස්ට් එකක් දාන්ට සෑහෙන ගෙමක් දෙන්ට වෙයි. කොහොම නමුත් මම මගෙ බ්ලොග් එකේ වැඩේනම් අතාරින්නෙ නෑ.

අපිට ඉස්කෝලෙ යන්ට නියමිත උන දවසට කලින් දවසෙ රෑ මෙසේජ් එකක් ආව. මම හිතුව ඒකෙ සිංහල පරිවර්තනේ මේතනට ගැලපෙනව කියල. ඒ නිසා ඒකත් දාන්නම්.

හෙට ඒ ලෙවල් පටන් ගන්නව නේද? හප්පෙ දැන් පසිඳු මලය ලොකු ඉලන්දාරියෙක් නේද? ( මේක එව්වෙ අක්ක කෙනෙක්) හොඳයි හොඳයි…!
එහෙනම් ඉතින් ඉදිරි අවුරුදු දෙක ගෑණු ළමයි වැඩියෙන් ආකර්ශණය වෙන, හැබැයි එව්ව නිසා ගුටි කන්න්ට සිදු නොවන, අද්යාපනෙ ඉස්සර වගේම අති සාර්තක වෙන වසර දෙකක් වෙන්ටයි කියල අපි ප්‍රාර්තනා කරනව!

Prsad Dissanayake

 ගනාන්දකාරයේ සුසිනිදු එළිය ඔබයි
මිත්‍රත්වයේ අමරණීය හස්තය ඔබයි
අකාලයේ පරවුණු වර්ණවත් පුෂ්පය ඔබයි
මතකයන් පමණක් අප අතර රඳවා නික්මුනු තීර්ථ යාත්‍රාව ඔබය

ඔබේ ඔය පියකරු සිනහව නැවතත් දකින්නට අප වාසනාවන්ත නැත
ඔබ සමුගත්තා විය හැක…………..
නමුදු ඔබට සමුගන්නට අවසර නැත.
ඒ… ඔබේ සදාදරණීය මතකය සැමදා අපේ මතකයේ ‍රැව් පිළි‍රැව් දෙන බැවිනි

ප්‍රසාද්…… ඔබේ මිත්‍රත්වයේ දෑත් වෙනුවෙන් සැමදා ස්තූතියි!

2011.05.02 දින දුම්රිය මගකදී සිදුවූ හදිසි අනතුරකින් ජීවන ගමනෙන් සමුගත් මහනුවර පල්ලෙකැලේ පදිංචිව සිටි, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සදාදරණීය සුමිතුරු ප්‍රසාද් දිසානායක සොයුරාණන්ගේ වියෝව වෙනුවෙනි.

ගුටි කෑම

Posted: 2011 අප්‍රේල් 28 in මගේ කතා

මම අපේ සා.පෙ. සිංහල පන්තිය ගැන දැන් කතා දෙකක්ම ලිව්වනෙ. මේක පලවෙනි එක. එතකොට මේ තියෙන්නෙ දෙවනි එක. මම අද ලියන්ට යන්නෙත් ඔය පන්තියේදිම වෙච්ච සිද්දියක් තමයි. මට මේක ලියන්ට හිතුනෙ අපේ ක්ලාස් එකෙ හිටපු එකෙක් මට ඊයෙ චැට් එකකට හම්බුන වෙලාවෙ. ඉතින් මේ තියෙන්නෙ ඒක.

ඔය ක්ලාස් එකට අන්තිම කාලෙ අලුතෙන් ගෑණු ළමයෙක් ආව. මැණික් කියල තමා හැමෝම කිව්වෙ[ එයා කියාගත්තෙත් එහෙම තමා]. එයත් ඉතින් ඇහැට කනට පේන කෙල්ල. හැබැයි ඉතින් ඉන්ටර්නැෂනල් ඉස්කොලෙක කෙල්ලෙක්. ඉතින් එයාගෙ විනය එහෙමත් ඉන්ටර්නැසනල් ලෙවල් එකෙන් තමා තිබ්බෙ. අපරාදෙ කියන්ට බෑ නිකන් වැරදිලාවත් කොල්ලෙක් දිහා බලන්නෙ නෑ. ඉතින් අපෙ ළමයිනුත් එයාගෙ පැත්තක්වත් බැලුවෙ නෑ. අපෙ කොල්ලො අතරෙ හිටිය එයාගෙ ඉස්කෝලෙ එයාගෙ පන්තියෙම කොල්ලෙක්. කොච්චර පැණි බැලුම් දැම්මත් ඒ කෙල්ල ඒ කොල්ල එක්ක විතරයි කතා කරන්නෙ. හැබැයි ඉතින් වැඩි හරියක් බලන් ඉන්නෙ මගෙ දිහා තමා. මොකද ඉතින් මම හරි කඩවසම් කොල්ලනෙ! නැද්ද?

[හුටා….! අපෙ අපොච්චි මේක දැකල අහනව මොකක්ද අර ගුටි කෑමද ඉටි කෑමද කියල තියෙන්නෙ කියල……! ]
දැන් ආපහු කතාවට….
ඉතින් ඔය කෙල්ලගේ හැදියාව මොනව උනත් ඉතින් මාර ලස්සනයි. ඒ නිසා මමත් ලේසියකින් අත ඇරින්ට බෑ කියල බැස්ස ගේමට.ඒ කෙල්ලගෙ පන්තියෙ ඉන්න් කොල්ලට මම කිව්ව අරයගෙ ෆෝන් නම්බර් එකක් හොයල දෙන්ට කියල. මිනිහත් ඊලඟ සතිය වෙද්දි ගෙනල්ල දුන්න. ඉතින් ඔය දව්සෙ මැණික් පරක්කු වෙල තමා ක්ලාස් අවෙ. ඉතින් එනකන් අපි ඕක ගැන කියව කියව හිටිය. හැබැයි අපිට පිටිපස්සෙන් මම කලිනුත් කියල තියෙන මුස්ලිම් කෙල්ල ඉන්නව. අපිට ගානක් නෑ. ඉතින් කොල්ලො පහක් ඉන්න තැනක එක කෙල්ලෙක් නිසා කට වහගෙන ඉන්නෙ කව්ද? කොහොම හරි ඉතින් මැණික් ආවයි කියමුකො! අර සිත්තිමනී කෙල්ල මැණික්ගෙ කන ලං කරගෙන කු‍ටු කු‍ටු ගාල කියවන. මම හිතුව හරි තමා කියල. ටික වෙලාවකින් මම පිටිපස්ස හැරිල බැලුව තත්වෙ මොකද කියල. මෙන්න් මේ කෙල්ල හිනා වෙනව!

මට වැඩේ එපා උනා. මොකද මම ඉතින් ඉඳල හිටල ඔය කෙල්ලෙක් ගැන පොඩි හීනයක් දෙක දැක්කට ඔහොම කෙල්ලො ගැනනම් හීන දැකල නෑ. ඒත් ඉතින් පරක්කු වැඩී. මට කොල්ලො කාඩ් ගහලත් ඉවරයි. ඉතින් ඕනෙ *කක් කියල මම ඔය නම්බර් එක දුන්න අපෙ ලකී සහෝදරයට.ඔතනින් පස්සෙ තමා සිද්දිය නැගල යන්නෙ!

ලකි කොල්ලටත් ඉතින් විනයක් නෑනෙ. ඌ ඉතින් අර හෝන්තුවට මෙසේජ් කරල. වඩේ නැගල යනවලු. මිනිහ හවසට කියන ඒව ඔක්කොම මට මිනිහ උදේට ඉස්කෝලෙදි කියනව.ඒ දෙන්න කතා වෙලා තියෙන එව්ව මට කියන්ට බෑ. ලකීට ලැජ්ජාවක් නැත්තම් මිනිහම කියයි.

හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙටලුනෙ. ඒ වගෙ මැ වැඩෙත් කොහොමහ්රි මැණික්ගෙ අය්යට මාට්‍ටු වෙලා. ලකියටත් ඉතින් මොකද? ඌත් ගේම ඇදල. මොනව උනත් මිනිහ කලින්ම මාව ශේප් කරල කෙල්ලට කියල තියෙනව මේ මෙසේජ් කරන්නෙ වෙනම පොරක්. පසිඳු කිය්ල කෙනෙක්ව අඳුරන්නෙ නෑ කියල. ඒත් ඉතින් කෙල්ලටත් අක්මාවක් කියල එකක් තියෙනවනෙ. එයා ඉතින් අය්යට කියල තියෙනව මමත් මේකෙ කොනක ඉන්නව කියල. [ මම ඔය විස්තරේ අහගත්තෙ මැණික්ගෙ පන්තීයෙ ඉන්නව කියපු කොල්ලගෙන්, මිනිහ තමා නම්බර් එක හොයල දුන්නෙත්. ඒත් මිනිහ හොඳ ළමය]. ඉතින් දැන් ඊලඟ සතියෙ මම ක්ලාස් එකට යනකොට මෙන්න කෙල්ලව ක්ලාස් දාන්ට අය්යත් ඇවිල්ල! ඒකාව දැක්කම බඩ පපුව දාල යනව. හර්කියුලිස් වගේ. මම ඉතින් ගුටි කන්ට වෙයි කියල බලන් හිටියෙ. හැබැයි එච්චර අවුලක් උනේ නෑ. මිනිහ ටිකක් රවල් බැලුව එච්චරයි.

ඔන්න ඉතින් මම මිනිහව ගනන් ගන්නෙ නැතුව ගියා ක්ලාස් එක ඇතුලට බැග් එක තියල එන්ට. මැඩම් තාම ඇවිල්ල නැති නිසා කොල්ලො ඔක්කොම එලියෙ. ඉතින් මම ඇතුලට ගියහම අර කෙල්ලො දෙන්න ඉතින් කතාවක්. මටත් ඇහුන.[ අහන් හිටිය එහෙම නෙවෙයි] මැණික් අර කෙල්ලට කතාවක් කියනව. කතාවෙ හැටියට,,,

ඔය මොනව කිව්වත් අර මෙසේජ් කරේ මේ බෝයිම තමා.
එයා හරි ශෝක්… මාර සෙන්සිටිව්.
අය්ය බනිද්දිවත් බය උනේ නෑ. කෙලින්ම කිව්ව ධර්ම** ඉස්කෝලෙ ගේට්‍ටුව ලඟට එන්ට කියල [ මම ක්ලාස් එකට යන්නෙ බැජ් එක ගලවගෙන]

ඔන්න ඔහොමයි ලකි කොල්ල ගේම ඇදල මට ගුටි සෙට් කරල් දුන්නෙ!

හැපින්න

Posted: 2011 අප්‍රේල් 26 in මගේ කතා

ඔන්න අද උදේම ආව බ්ලොග් එක පැත්තෙ මොනවහරි ලියල යන්ට.ඊයෙ ලියන්නන් කියල හිටියෙ. ඒත් ඊයෙ නොහිතපු විදිහට වැඩ වැ‍ටුන.ටොපික් එක දැකල බය වෙන්ට එපා. මම අදත් ලියන්ට යන්නෙ මම ඕ ලෙවල් කාලෙ ගියපු සිංහල ක්ලාස් එකෙ වෙච්ච සිද්දියක්. කලින් ලියපු කතාව තමා මේ තියෙන්නෙ. 

මම ඔය කියන සිංහල ක්ලාස් එකට යන්ට පටන් ගත්තෙ මම 8 වසරෙ ඉද්දි. [ මගේ සිංහල ගැන වැරදි වටහාගැනීම් ඇතිකරගන්ට එපා. මාව ඒකට යැව්වෙ අත් අකුරු හදාගන්ට කියල.] ඔන්න මම 9 වසරෙ ඉන්නකොට තමා මේක උනේ. මට අපේ ඉස්කෝලෙ කලා උළෙල හින්දා පන්ති දෙකක්ම කට් උනා. ඉතින් පංතියෙ මැඩම් කිව්ව ඒ අත ඇරිච්ච ඒව අල්ලගන්ට තව දවසක් එන්ට කියල [ අත ඇරිච්ච එව්ව කිව්වෙ පාඩම් ගැන]. ඉතින් මට ඔය අමතර පංතිය දැම්මෙ මුස්ලිම් කෙල්ලො දෙන්නෙක්ට පන්ති තියෙන දවස් දෙකක. ඒ දෙන්න 7 වසරෙ විතර හිටියෙ. ඉතින් මම මේ කියන්ට යන්නෙ මට ඒ දවස් දෙකේ අහපු දැකපු සිද්දි දෙකක් ගැන.

ඔන්න මම පලවෙනි දවසෙ ගියා. අපිට ක්ලාස් තියන තැන කාමර දෙකක් තියෙනව. එකක් තියෙන්නෙ ගොඩක් ළමයි එන පන්ති තියන්ට. අනික එකා දෙන්න එන ඒවට. ඉතින් මම යද්දි අර කියපු කෙල්ලො දෙන්න ඇවිල්ල. ඒ අයව අර ඇතුලෙ තියෙන පොඩි ක්ලාස් එකට දාල මාව ලොකු එකට දැම්ම [ එකට දැම්මොත් වෙන දේ මැඩම්ටත් මීටර් වෙන්ට ඇති]. ඔය පන්ති දෙක අතරෙ නිකන් බිත්තියක් විතරයි තියෙන්නෙ. ඉතින් එක පැත්තක ඉඳන් අනිත් පැත්තට අවහිරයක් නැතුව ශබ්ද තරංග ගමන් කරනවා. ඉතින් මට එහා පැත්තෙ වෙන දේවල් ඇහෙනව.

අපෙ මැඩම් දෙපැත්තරම වැඩක් දීල හිටපු ගමන් යනව එලියට. ඉතින් ඔහොම ගියපු වෙලාවක අර කෙල්ලො දෙන්න කතාවෙලා උත්තර ලියනව.

“අයියෝ… ඔයා ඔය ළමයි කියල ලීල තියෙනව වෙරදීනෙ” [ ඒ දෙන්නම මුස්ලිම් නෙ. ඉතින් සිංහල බෑ. හැබැයි මැඩම් වෙන බාසාවකින් කතාකරන එකත් තහනම් කරල]
“මොකක්ද හලෝ වැ‍රැද්ද?
“ළමයි කියල ලියන්ට ගන්නෙ කැපිටල් ‘ළ’ යන්න!”

Read the rest of this entry »

මගේ උපන් දිනේ…!

Posted: 2011 අප්‍රේල් 23 in මගේ කතා

සෑහෙන දවසකට පස්සෙ ඔන්න මමත් මගේ බ්ලොග් අඩවියට ගොඩ උනා. ගොඩ උනෙත් එසෙ මෙසේ දවසක නෙවෙයි. මගෙ උපන් දිනේ දවසෙ…..! ඉතින් මේක කියවන අය ඔක්කොම මට කොමෙන්ට් කොරන්ට කලින් මමම විශ් කොරගත්ත ඔං! හැමදාමත් මම මාවම කර කරගන්න එකෙ මම හිතුව අද ටිකක් වෙනස් වෙලා මගේ උපන් දිනේ ගත වෙච්ච හැටි ගැන ලියන්නම් කියල.

අපෙ අය්ය විභාගෙට පාඩම් කරන්ට පේස් බුකියට යන්ට කොම්පීටරේ පැහැරගත්තා… ඒ මදිවට ආපු ගමන්ම කව්ද මන්ද ගෑනු ලමයෙක් පේස් බුකියෙන් හායි කිව්ව. ඉතින් මේක ලියල වෙලා යයි හොඳේ? මොකක්ද මම කිය කිය හිටියෙ? ආ… උපන් දිනේ!

අද උදේ පාන්දරම නැගිටිද්දි මගෙ ඇඳ ලඟ සැන්ට් බෝතලයක් තියල තිබ්බ. බැලින්නං අපෙ අය්යගෙන් ලැබිච්ච තෑග්ග. මට සැන්ට් බෝතල් දෙන්නෙ මොකෝ මං ගඳයිද? (අර කෙල්ල යන්ට ගියා. දැන් ඉතින් ලියන්නම්කො!!! ) මම ඉතින් අය්යගෙන් ඕක අහන්ට ගියෙ නෑ. උපන් දිනේ දවසෙ කන පලාගන්ට ඔනෙ නෑනෙ.ඉතින් උදේම අපේ ගෙදර උදවියගෙ විස් එක හම්බුනා.

අද උදේ අපෙ ඉස්කොලෙ අපෙ වයසෙ ළමයි සහ දෙමවුපියො ගෙන්නල මොකක්දො විකාරයක් තිබ්බ. අපි උ.පෙ කරන්ට ඔනෙ විදිහ ගැන කියන්ට. ඉතින් මම ඕකටනම් ගියේ ටිකක් බයෙන්. මොකද අපෙ කොල්ලො ඔය වගේ තැන් වලදි කොච්චර හොඳට අහගෙන ඉන්නවද කියනවනම් වැඩි දෙනෙක් ඉතින් පේස් බුකියෙ තමා. ඉතින් ඔහොම වෙලාවක මාට්ටු උනොත් එහෙම ඉතින් කට කනේ, කන ෆ්‍රිජ් එකේ තමා. උපන් දිනේට එක දඩයක්.. හංගගෙන හිටියට තව දඩයක්( හංගගෙන හිටියට කිව්වෙ උපන් දිනේ!)

කොහොමින් කොහොම හරි ඉතින් මම ඉස්කෝලෙටත් ගියා කියමුකො. හැමෝම ඉතින් පුරුදු විදිහට කතාව ෆෝන් එකෙන් තමා අහගෙන ඉන්නෙ. එක එක වැඩ. හැබැයි වැඩේ ඉවර වෙලා ගෙවල්වලට යනකංම කාටවත්ම මාට්ටු උනේ නෑ. මට පිටිපස්සෙම කුක්කු පැටිය උපන් දින ගැන කතා කරනව. මාත් ඒකට සෙට් වෙලා හිටියා. ඒත් මොකෙක්වත් දන්නෙ නෑ!

ඔන්න ඉතින් හවස තිබ්බ මට පන්තියක්. ඕක ඔක්කොටෝම වඩා අනාරක්ෂිතයි. මොකද ඒක හෝල් ක්ලාස් එකක්. මමත් ගියා සැලෙන්නෙ නැතුව. ලොකු ආබාධයක් නෑ. හැබැයි මට ඉස්සර හිටපු අපෙ සෙට් එකේ ඩබල ෆෝන් එක එලියට ගද්දිත් මට හීන් දාඩිය දානවා. කොහොම හරි ඔතන ඉන්නකොට මට ඇස්.ඇම්,ඇස් එකක් ආව. අපෙ අක්ක කෙනෙක් විස් කොරල එවල තියෙන්නෙ. මගෙ කරුමෙට වගේ එහා පැත්තෙ හිටපු එකා ඕක දැක්ක. ලොකු ආභාධයක් නෑ. ඊලඟ සතියෙ මොනව හරි අරන් දෙන්නං කියල සේප් උනා. ඊට පස්සෙ ඒ මිනිහ උගෙ ෆෝන් එකෙ මෙමො එකක් දාගන්ට ගිහින් ඊට එහා පැත්තෙ හිටපු එකාටත් මාට්ටු. හැබැයි ඌ ඔව්ව තැන තැන කිය කිය යන එකෙක් නෙවෙයි. ඒ නිසා අවුලක් න.

ඔන්න ඔහොම තමා මගේ උපන් දිනේ ගෙවුනෙ. මේක ආපහු මමම කියවල බැලුව. මම බය වෙච්ච සේප් වෙච්ච එව්ව විතරයි වගේ වෙලා තියෙන්නෙ. අනේ මංදා…. මම කස්ටියගෙන් හැංගිලා හිටියෙ මගේ ආර්ථිකේ මේ දවස්වල එච්චර හොඳ නැති නිසා. ඉතින් දැන් මම පේස් බුකියෙ ලැබිල තිබිච්ච විස් එහෙමත් බැලුව. මම කාලයක් පැණි හලපු කෙනෙක් වගේම දැන් මගේ සිහින කුමරියගෙ අක්කත් විස් කොරල( අක්කනං නෙවෙයි සිහින කුමරිය… සිහින කුමරිය පේස් බුකියෙ නෑ. ඉතින් අක්ක විස් කොරපු එක මදැයි ) ඒ නිසා සමස්තයක් වසයෙන් බැලුවම හොඳ උපන් දිනයක්!

පබ්ලිසිටි

Posted: 2011 අප්‍රේල් 7 in මගේ කතා

මගේ බ්ලොග් එක තියෙන්නෙ එකම එක සින්ඩියක විතරයි. ඕකට හේතුව තමා ගොඩාක් සින්ඩිවල මෙම්බර් කෙනෙක් වෙන්ටනම් ඒ ඒ සින්ඩිවල අයිකොන් එකක් අපෙ බ්ලොග් එකෙ ගැජට් එකක් විදිහට දානට ඔනේ වෙන එක. මල සිද්ධිය කියන්නෙ මම WordPress  බ්ලොග් වලට html ගැජට් දාන්ට දන්නෙ නෑ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් ඔක්කොටෝම කලින් ඒක ගැන කොමෙන්ටුවක් දාල මට උදව්වක් කොරන්ට ! හොඳේ???

මම උදව්වක් ඉල්ලලම කතාව පටන්ගත්තෙ කතාවත් ඔය මාතෘකාවට සම්බන්ධ නිසා. මම කිව්ව වදිහට එක සින්ඩියක විතරක් ඉන්න නිසා මගෙ බ්ලොග් එකට එච්චර මිනිස්සු එන්නෙ නෑ ( මිනිස්සු කියල කිව්වෙ කොල්ලොත් එක්ක. හරිය? ) ඉතින් මම හිතුව free sms  තියෙන මගෙ ආදරණීය AIRTEL  සිම් එකෙන් වැඩක් අරගෙන Manual publicity  එකක් දෙන්ට. ඉතින් ඒක අති සාර්ථක උනා. ඒක තමා මම මෙතන ඉඳන් සංවාදයක් විදිහට ලියන්නෙ

මගෙ මුල්ම ඉලක්කය උනේ මගේ අතිජාත මිත්‍රයා( අඩුම ගානෙ මම හිතන් ඉන්නෙ එහෙමයි ) මම ඒකව අඳුරන්නෙ අපි දෙන්න බබාල කාලෙ ඉඳන්. ඒ නිසා මම හිතුව මිනිහ ටිකක් සලකා බලයි කියල. අනික මිනිහ දන්නව මම බ්ලොග් එකක් ලියනව කියල.

මම – මචං ඔන්න මම බ්ලොග් එකෙ තමුසෙ ගැන එකක් ලිව්ව.
ඌ – ඉතින් මට මොකද?
මම – ඉතින් උඹ බය වෙයන්කො. තමුසෙට නියම මඩ පාරක් ගැහුව.
ඌ – ඉතින් මට මොකද? ඕක ඉතින් ඩයරි එකක ලියනව වගේ තමා. කවුරුත් කියවන්නෙ නෑනෙ!

මගේ ඊලඟට අල්ලගත්තෙ අක්ක කෙනෙක්.
මම – අක්ක මම බ්ලොග් එකක් ලියනව
අක්ක – ආ.. හොඳයි
මම – අක්කත් ගිහින් කියවන්ට. ලින්ක් එක එවන්නද?
අක්ක – මට ඔය විකාර කියවන්ට වෙලාවක් නෑ

ඊලඟට අපේ වයසෙම වෙනත් ඉස්කෝලෙක කොල්ලෙක්.
මම-මචං මම බ්ලොග් එකක් ලියන්ට පටන් ගත්තා. ලින්ක් එක එවන්ටද?
ඌ- බැරි වැඩ නොකර හිටපං *කෝ

ඊට පස්සෙ ගැහුව අය්ය කෙනෙක්ට මෙසෙජ් පාර.
මම- අයිය මම බ්ලොග් එකක් ලියන්ව. ගිහින් කියවනවකෝ
අයිය – නොදකින් කාලකන්නිය… නිදහසේ *ක්වත් බලන්ට දෙන්නෙ නෑ. ඇනයක් නොවී හිටපන්කො!

මම දුරකතන මාර්ගයෙන් බ්ලොග් එක ජනප්‍රිය කරන එක ටික දවසකට කල් දැම්ම!